Sunday, 28 October 2012
අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක - අනුර
අගවිනිසුරුවරිය ධූරයෙන් පහකිරීම සඳහා ආණ්ඩුව විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ගොවි සම්මන්ත්‍රණයකදීය.
පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්නු ඇතැම් තීන්දු ආණ්ඩුවට හිතකර නොවීම නිසා මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව එහිදී පැවසීය.
තර්ජනය කිරීමෙන්, බලපෑම් කිරීමෙන් අගවිනිසුරුවරිය ආණ්ඩුවට දිනා ගැනීමට හෝ තර්ජනය හා බලපෑම තුළින් ඇයට ඉල්ලා අස්වන තැනට කටයුතු සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව දිසානායක මහතා සඳහන් කරයි.
එයද අසාර්ථක වුවහොත් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙනවිත් එය සම්මත කරගැනීම තුළින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවත් මේ වනවිට ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතුකරමින් සිටින බවත් ඒ මහතා පවසයි.
නීතිය, යුක්තිය හෝ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන කිසිදු සංවිධානයකට හෝ ආයතනයකට පවතින්නට වත්මන් ආණ්ඩුව ඉඩනොදෙන තත්ත්වයක් උදාවී ඇති බව දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment