Sunday, 28 October 2012
වෙනිසියුලාවේ දෙවෙනි සමාජවාදී වැඩපිළිවෙල එළිදකී
මැතිවරණයෙන් දෙසතියකට පසු වෙනිසියුලාවේ ජනාධිපති උගෝ චවෙස් විසින් ප්‍රථම මාධ්‍ය හමුව පසුගියදා පවත්වනු ලැබීය. එහිදී ඔහු ප්‍රකාශ කළේ තෙල් මතම යැපෙන ආර්ථිකය වෙනුවට නිෂ්පාදනය ශක්තිමත් කෙරෙන ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බවයි.
ඒ සඳහා 2013 ජනවාරි 10 වැනිදා දෙවැනි සමාජවාදී සැලසුම ලෙසින් නම් කර ඇති වැඩපිළිවෙල ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කොට සාකච්ඡාකර අනුමත කරගන්නා බව උගෝ චවෙස් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේය. 2006 මැතිවරණ ජයග්‍රහණයෙන් පු ඔහු විසින් පළමු සමාජවාදී වැඩපිළිවෙල ඉදිරිපත් කරනු ලැබිණි.
"ආරම්භ කළ මේ අලුත් අදියර තුළ අපට එක දවසක්වත් අහිමි කරගන්න බැහැ. අපේ තිබූ විශාලතම වැරදීම තමයි පසු විපරම නැතිකම. එය නැතිකර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය පරිවර්තනය කළා බලසම්පන්න අමාත්‍යංශයක් බවට. එහි කාර්යභාරය වන්නේ වැඩවල සුපරික්ෂාකාරීත්වය, කළමනාකාරීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමයි" යනුවෙන් උගෝ චවෙස් වැඩිදුරටත් කියා සිටියේය.
වෙනිසියුලාවේ උගෝ චවෙස්ගේ භූමිකාව ලෝකයේත් විශේෂයෙන් ලතින් අමෙරිකානු කලාපයේ විප්ලවවාදීන්ට දැඩි උද්‍යෝගයක් දනවන්නක් වී තිබේ. ඉදිරියට එන විප්ලවයන්ගේ තවානක් ලෙස වෙනිසියුලාව හඳුන්වන්නට ඔවූහු පෙළඹී සිටිති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment