Sunday, 28 October 2012

තනි තනි වීරයන්ට මොකවත් කරන්න බෑ. - ලාල්කාන්ත

වැඩ කරන ජනතාවගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට පවතින නිති රීති තනි තනිව නොව සංවිධානාත්මකව බිඳිය යුතුයි. තනි තනි වීරයන්ට මොකවත් කරන්න බෑ. ඒ නිසා තනි තනිව සටන් කරන එක නොවෙයි කාර්යභාරය. ඒ නිසා අපි කවුරුත් සාමූහිකව එක සටනටකට පෙළ ගැසිය යුතුයි. ඒක තමයි වැඩකරන ජනතාවගේ කාර්ය භාරය විය යුත්තෙ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පැවැසීය. ‘අළුත් ඇසකින් බලමු’ යන තේමාව යටතේ ‘‘ගුරුවරයා සහ රාජ්‍ය සේවය’’ නමින් නීති සංග‍්‍රහ ග‍්‍රන්ථය ලංකා ගුරු සේවා සංගමය අද (28) ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී එලිදැක්වූ අතර ලාල් කාන්ත විසින් පවත්වනු ලැබූ දේශනය සම්පූර්ණ ලෙස මෙලෙස පල කර සිටිමු. ‘‘අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ අවුල් වියවුල් ගොඩක් තියෙනවා. පාසලට භාරදීමේදී, පාසල් නඩත්තුව, ශිෂ්‍යත්ව විභාගය, සා/පෙළ විභාගය, උ/පෙළ විභාගය, ප‍්‍රශ්න පත‍්‍ර ගැටළු, විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රයේ තිබෙන වැටුප් විෂමතා, බඳවා ගැනීම්, උසස්වීම්, මාරු කිරීම් මේ සියළුම තැන්වල ගැටළු පිරිල තියෙනව. මේ පොත කියන්නෙ මේ ක‍්‍රමය ඇතුලෙ ගුරුවරයා විසඳගත යුතු ගැටළු ගැන, ඒ ක‍්‍රමය ගැන කියන පොතක්. තියන ක‍්‍රමය තුල ප‍්‍රශ්ණ විසඳගැනීමද කියන කාරණය මේ සභාවෙ වැඩිදෙනෙක් ප‍්‍රතික්‍ෂෙප කරාවි. මේ තියන ක‍්‍රමය පවත්වාගෙන යාමට ගුරුවරුන් ලෙස වඩා නිවැරදිව, විනයක් සහිතව, තම ගෞරවය ආරක්‍ෂා කරගෙන යන ක‍්‍රමය හොඳින් පැහැදිලි කරගැනීම තමයි මේ පොතේ වැඩිවශයෙන් කියල තියෙන්නෙ. දැන් බලන්න පසුගිය විශ්ව විද්‍යාල ආචාර්ය සටනේ ප‍්‍රධාන ඉල්ලීමක් තමයි අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම. මහින්ද රාජපක්‍ෂ මහත්තය අධ්‍යාපනයට වෙන් කරන මුදල කප්පාදු කරල තියෙනවා. ඒ නිසා ඒක වැඩිකළ යුතුයි කියන එක. මේ සටන් පාථය ඇතුලෙ තියෙන්නෙත් අධ්‍යාපනයට මුදල් වැඩිකළ යුතුයි. හැබැයි මේ ක‍්‍රමය වෙනස් නොකර. රටේ වැඩ කරන ජනතාව රාජ්‍ය අංශයෙ ඉන්නව ලක්‍ෂ 12 ක්. පෞද්ගලික අංශයෙ ඉන්නව ලක්‍ෂ 62 ක් සේරම ඉන්නව ලක්‍ෂ 74 ක්. මේ ලක්‍ෂ 74 තමයි රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නෙ. ඒ නිෂ්පාදනය කරන අය තමයි කියන්නෙ ජීවත් වෙන්න බෑ. බඩු මිල අඩුකරන්න, කන්න බොන්න නෑ. එතකොට නිෂ්පාදනය කරන අයට භුක්ති විඳින්න නෑ. ඒ අය ඉල්ලනව පඩි වැඩි කරන්න. රු. 13442.50 කින් වැටුප් වැඩිකරන්න. ඔය වගේ දිගටම ඉල්ලනව. ඒ වගේම ගොවියන්ගෙ ප‍්‍රශ්ණෙත් එහෙමයි. ලක්‍ෂ 65 ක් ගොවියො ඉන්නව. හැබැයි ගොවියො නිෂ්පාදනය කරනව ඒ වුනාට භුක්ති විඳින්න නෑ. මේක කවුරුත් දන්න ප‍්‍රශ්ණයක්. ලක්‍ෂ 65 ක ගොවියො නිපදනවන දේ ඒ අයට භුක්ති විඳින්න නෑ. එතකොට මේ නිෂ්පාදනය කරන ඒව කාටද යන්නෙ. මේ දෙගොල්ලම ඒ කියන්නෙ ලක්‍ෂ 139 ක්ම නිපදවන දේ ඒ අයට නෑ. ඒ අයගෙ දරුවන් එක්ක ගත්තම ලක්‍ෂ 200 න් ලක්‍ෂ 190 කටම භුකිත් විඳින්න නෑ. ඒ අනුව හිතල බලන්න මේ නිෂ්පාදනය කරන දෙයින් භුක්ති විඳින්නෙ කොච්චර සුළු ප‍්‍රමාණයක්ද? විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු මේ සියළුම දෙනා කියන්නෙ තමන්ට ලැබිය යුතු කොටස ලැබෙන්නෙ නෑ කියල. වැඩ කරන ජනතාවට ඔවුන් නිෂ්පාදනය කරන දේ ලැබෙන්නෙ නෑ. මේ ගැන පැහැදිලි කරන පොතුත් තියෙනව. ඒව කවුද දන්නෙ. මාක්ස් සහෝදරයා පැහැදිලි කරේ ඒක. ලෙනින් සහෝදරය පැහැදිලි කරේ ඒක. චේ සටන් කෙරුවෙ ඒකට. රෝහණ විජේවීර සහෝදරයා සටන් කරේ ඒකට. පොඩි එකෙක් ඉපදුනු වෙලාවෙ ඉඳල දැන් යන්න හදල තියෙන පාරක් කියල තියෙනවා. කවුරුත් යන්නෙ ඒකෙ දිගේ. ඒකෙ ශික්‍ෂණය තමයි මේ එළිදක්වපු පොතේ කියන්නෙ. මහින්ද රාජපක්‍ෂ මහත්තය එක එක තැන්වල ගිහිල්ල නියෝග දෙනව නිලධාරීන්ට මේක කරන්න ඕන. මේක දැන් වෙන්න ඕන කියල. චක‍්‍රලේඛන, නීති ක‍්‍රම මොනවත් අදාල නැතුව ඒක හරිද. ඒව මාධ්‍යවලිනුත් උස්සනව. ඊට පස්සෙ අර හඞ්ඩ උදේට දෙනව හොඳට උස්සල. ඔය හදපු නීති කඩල තමයි අර නියෝග දෙන්නෙ. ඔය නීතිවලින් තමයි මේ ක‍්‍රමය තියෙන්නෙ. හරිනම් සමස්ත රාජ්‍ය සේවකයොම ඒකට එරෙහි වෙන්න ඕන. දැන් රටේ තියෙන ලොකුම ප‍්‍රශ්ණය ශක්තිමත් විපක්‍ෂයක් නැති එකද? දැන් කවුරුත් කථා කරන්නෙ ශක්තිමත් විපක්‍ෂයක් නැති එක? 2001 පත්වෙච්ච රනිල් වික‍්‍රමසිංහගෙ ආණ්ඩුව වැට්ටෙව්වෙ ශක්තිමත් විපක්‍ෂයකින්ද? නෑ. ශක්තිමත් ජන බලයකින්. දැන් අවශ්‍ය ශක්තිමත් විපක්‍ෂයක් නෙවෙයි. ශක්තිමත් ජන බලයක්. ශක්තිමත් ජන බලයකට බයයි. ඡුන්දෙ කියන්නෙ ශක්තිමත් ජන බලයක් නොවෙයි. ජන මතයක්. මතයට තියෙන්නෙ නියෝජනයක්. ජන මතයෙන් පත්වෙච්ච අය තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. පාර්ලිමේන්තුවට බලයක් නෑ. මොකද ජන බලයක් නැති නිසා. සමාජයට ඕන කරන්නෙ මොකක්ද? ජන බලයක්. මේ ක‍්‍රමයට විරුද්ධව. දැන් මේ තියන එක කඩන්නත් තියන ක‍්‍රමය හරියට දැනගන්න ඕන. එතකොට තමයි ඒක කඩන්නත් පුළුවන්. ඒකට තමයි මේ පොත් ඕන. ගමේ ජනතාවට බලයක් තියෙනවද? නෑ. ශක්තිමත් බලයක් නෑ. එහෙම නැතිව ශක්තිමත් විපක්‍ෂයක් කියනකම් බලයක් හැදෙන්නෙ නෑ. ජනතාව තනි තනි අංශුවලට කඩල තියෙන්නෙ. එතකොට මොකවත් කරන්න බෑ. මාධ්‍යවේදීන් විදියට එකට බැඳිල තියෙනවද? නෑ. වෙන් වෙන්ව කඩල. ඒ ඒ ආයතනවල උවමනාවට. සියළුම මාධ්‍යවේදීන් වෘත්තීමය ලෙස බැඳිලනම් කොච්චර බලයක්ද? ඒකට ඒ ඒ ආයතන කැමති නෑ. එහෙම එකට එකතුවෙලා නම් පාලකයින්ට මොනවද කරන්න පුළුවන්. ඒ අය චන්ඩි වෙන්නෙ නෑ එහෙනම්. ගුරුවරු බෙදල බෙදල දාල තියෙන්නෙ. ආචාර්යවරු ගත්තත් බෙදල. මේ සේරම තියෙනනෙ ජනතාවට ශක්තිමත් බලයක් නැති නිසා. ශක්තිමත් සංවිධානය වීමක් නැති නිසා. මේ අයට සංවිධානය වීම හැර වෙන අවියක් නෑ. මේ දවල්වල අධිකරණ සේවා කොමිෂන් සභාවෙ ලේකම්ට විරුද්ධව අත්සන් කරගෙන යනවා. ඒ ලේකම් අයින් කරන්න නොවෙයි. එතකොට ශිරාණි බණ්ඩාරනායකටත් ඒ අත්සන් ගාන අනුව ඉවත් කරන්න තමයි මේ සැලසුම. දැන් ආණ්ඩුව මාධ්‍ය අතට අරගෙන. ව්‍යවස්ථාදායකය, විධායකය සේරම අතේ. දැන් අධිකරණය තමයි ඊලඟට. මේ අයගෙ උවමනාව අධිකරණයෙන් ඉෂ්ඨ නොවෙනකොට එහෙම අධිකරණ ඕන නෑ කියල තමයි මේ දැන් ඒ අය එලවන්න හදන්නෙ. දැන් 8 වෙනිද අය වැය එනව. අයවැයෙන් ජනතාවට වාසිදායක නම් මේ වෙනකොට ආණ්ඩුවෙන්ම මුළු සමාජයේ ප‍්‍රධාන කථිකාවත කරල ඉවරයි. දැන් මේ දවස්වල වෙන වෙන මාතෘකා එන්නෙ අයවැයෙන් මොකවත් නැති නිසා. එක පැත්තකින් දේශපේ‍්‍රමී වෙන්න 13 වැනි සංශෝධනය අරගෙන එක මාතෘකාව කරල තියෙනව. දැන් කවුරුත් එක එක සමානාත්මතා ගැන කතා කරනව. කවුරුවත් ආර්ථිකයේ සමානාත්මතාව ගැන කථා කරන්නෙ නෑ. ආර්ථිකේ සමානාත්මතාව ගැන ධනපති පන්තිය කථා කරන්නෙ නෑ. ඒකට ඒගොල්ලො විරුද්ධයි. දැන් මේ පොත්වල තියෙන සමහරක්, ඊලඟට චක‍්‍රලේඛ, නීති සේරම තියෙන්නෙ පාලකයින්ගෙ කැමැත්තට අවශ්‍ය පරිදි. එහෙම නැතිව වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවයට නෙවෙයි. දැන් මේ සේරම නිතී වැඩකරන ජනතාව තනි තනියෙන් නොවෙයි එකතුවෙලා බිඳින්න ඕන. ඒකට සංවිධානය වෙන්න ඕන. තනි තනි වීරයන්ට මොකවත් කරන්න බෑ. ඒ නිසා තනි තනිව සටන් කරන එක නොවෙයි කාර්යභාරය. ඒ නිසා අපි කවුරුත් සාමූහිකව එක සටනටකට පෙළ ගැසිය යුතුයි. ඒක තමයි වැඩකරන ජනතාවගේ කාර්ය භාරය විය යුත්තෙ.

No comments:

Post a Comment