Sunday, 28 October 2012

දුරකතන කණුවකට යටවී තරුණයෙකු මරුට

වැලිගෙපොල ප්‍රදේශයේදී දුරකථන කණුවකට යටවීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 23 හැවිරිදි ඔහු මිය ගොස් ඇත්තේ වැලිගෙපොල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ය . පොලීසිය පැවසුවේ අධික වැසි සමග දුරකතන රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් දුරකථන කණු තුනක් වැලිගෙපොල රෝහල අසල මාර්ගයට වැටී ඇති බව ය. ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි එම පුද්ගලයා ඉන් එක් කණුවකට යටවී ඇතැයි පොලීසිය පැවසීය. එලෙස මියගියේ වැලිගෙපොල කැලෑගම්මාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසේ.

No comments:

Post a Comment