Monday, 29 October 2012
ඇඟිලි සලකුණු නැත්නම් මැලේසියා යාම බොරු
ශ්‍රී ලාංකිකයන්ට මලයාසියාවේ සංචාරය කිරීම සඳහා ජීව විද්‍යාත්මක සාධක මත ලබාදෙන වීසා බලපත්‍රය හෙවත් ඇඟිලි සලකුණු මෙන්ම සෙසු ජීව විද්‍යාත්මක දත්ත ඇතුළත් කෙරෙන විසා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
වීසා බලපත්‍ර වංචාවන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වා දෙන බව මලයාසියානු බලධාරීන් පවසයි.
ඒ අනුව යම් සංචාරකයෙකු වීසා බලපත්‍ර අයදුම් කිරීමේදී ඔහුගේ ඇඟිලි සලකුණු සහ සෙසු දත්ත මෙරට පිහිටි මලයාසියානු තානාපති කාර්යාලය මගින් ලබාගෙන එම දත්ත පරිගණක ගත කෙරෙයි.
අදාළ සංචාරකයා මලයාසියාවට පැමිණි විට ඔහුගේ දත්ත සැසදීම මගින් අනන්‍යතාවය තහවුරු කෙරෙන බව පැවසෙයි.
ශ්‍රී ලංකාවට අමතරව චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, මියෙන්මාරය යන රටවල සංචාරකයින්ට ද මෙම සංචාරක නීතිය පනවා ඇති බව මලයාසියානු බලධාරීහු පවසති
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment