Monday, 29 October 2012
මේ ගොල්ල රාජපක්‍ෂ පවුලේ දෝලාව කරගහගෙන යන අයයි - ටිල්වින් සිල්වා
13වැනි ව්‍යස්ථා සංශෝධනය ඉවත්කිරීම ගැන බොරු ඝෝෂා කරමින් දිවිනැගුම පනත සම්මතකරගැනීමට සූදානම් වන බවත් රටේ ජනතාව පෙළන ප‍්‍රශ්නවලින් අවධානය වෙනතකට යොමුකර ගැනීමට 13 ප්‍රයෝජනයට ගනිමින් සිටින බවත් 13 එපා යැකි කෑමොර දෙන්නන් රාජපක්‍ෂ පවුලේ දෝලාව කරගහගෙන යන අය බවත් ඔවුන් අවංකව කටයුතු නොකරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවකදීය.
එහිදී දැක්වූ අදහස් පහත පළවේ.
"ආණ්ඩුව අධිකරණය සමග ඇතිකරගෙන තිබෙන ගැටුම තිව‍්‍ර වෙමින් තිබෙනවා. අධිකරණය තම වුවමනාවන් ඉටු කරන මෙවලමක් බවට පත්කර ගැනීම සඳහා නීතිය, ව්‍යවස්ථාදායක යන ආයතන විධායකය අතට ගෙන රාජපක්ෂ පවුලේ ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයක් ඇතිකර ගැනීමට මාන බලමින් සිටනවා. ආණ්ඩුව විවේචනය කරන සියලු දෙනාටම පසුගිය කාලයේ මර්දනය දියත්කළා. මාධ්‍ය ආයතන ගිණිතැබුවා. මාධ්‍යවේදීන් මරා දැමුවා. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නැහැ. මෙල්ලකරගත නොහැකි මාධ්‍ය ආයතන මිලදී ගත්තා.
ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයින්ගෙන් පන්න පන්නා පළිගන්න බව පැහැදිලි කාරණයක්. ශ‍්‍රීපති සූරිආරච්චි මහතාට කලෙත් ඒ දේ, සරත් ෆොන්සේකා මහත්තයට කළෙත් ඒ දේ. මේ ආණ්ඩුවට විවේචන දරාගන්න බැහැ. විවේචනය කරන ඕණෑම කෙනෙක් මර්දනය කරනවා. මේක බරපතළ තත්වයක් රාජපක්ෂ පවුලට ඕනෑවී තිබෙන්නේ, ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයක් ගොඩනගා ගැනීමයි.
පවතින අධිකරණ පද්ධතිය සර්ව සම්පූර්ණ එකක් නෙවෙයි. ධනපති ආණ්ඩුවලට ඕනෑ විදිහේ අධිකරණ පද්ධතියක්. ඒ ඒ ආණ්ඩුවලට ඕනෑ ආකාරයට නීති හදා ගත්තා. පාලකයන්ගේ කැමැත්ත නීතිය බවට පත්කර ගත්තා. ඒ ගොල්ලන්ගේ අධිකරණයම ඒ ගොල්ලෝ පනවා ගත් නීතියම දැන් ඒ අයට බාධාවක් බවට පත්වෙලා. දැන් සිද්ධවෙමින් තිබෙන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනවා වෙනුවට පවතින නීතිය පවා බිඳදැමීමක්.
ආණ්ඩුවේ වගකීම තියෙන්නේ නීතිය රැකගැනීමටයි. නමුත් ඊයේ පෙරේදා සිට පමණක් නොව මේ ආණ්ඩුව බලයට පත්වූවායින් පසු දිගින් දිගටම තමන්ට ඕනෑ කරන ආකාරයට නීති පනවමින් සිටිනවා. 2010දී 17වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ව්‍යවස්ථාදායක සභාව, අධිකරණ සේවා කොමිසම, අග‍්‍රවිනිශ්චයකාරවරයා පත්කරන්නෙත් ජනාධිපතිවරයා. මේ සංශෝධන මේ ආයතන ඒගොල්ලන්ගේ අතට ගැනීම සඳහා වූ ඒවායි. අධිකරණය සහ ආණ්ඩුව අතර ගැටුම බරපතළ වුණේ දිවිනැගුම පනත සම්බන්ධයෙන්. දිවිනැගුම මගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ගමේ ඉන්න ආණ්ඩුවේ සංවිධායකයාට ඕන විදිහට මුදල් වෙන් කර ගන්නයි. ඒ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. තීන්දුවට අනුව පළාත් සභාවල මෙම පනත සම්මතකර ගත්තා. නමුත් උතුරේදී ප‍්‍රශ්නයක් ආවා. ඒ සම්බන්ධයෙන් නැවත අධිකරණය ඉදිරියට ගියා. ප‍්‍රශ්නය උග‍්‍රවුණේ ඒ නිසයි.
තමන්ගේ අරමුණට පවතින නීති රීති බාධාවක් වුණු නිසා නීති පැත්තකට දාලා අධිකරණයත් එක්ක ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා. ආණ්ඩුව තමන්ට කැමති විදිහට තීන්දු දෙනකොට අධිකරණය හොඳයි. වැඩවර්ජනවලට විරුද්ධව වාරණ නියෝග දෙනකොට අධිකරණය හොඳයි. උද්ඝෝෂණ නවත්වන්න පොලීසියෙන් තීන්දුවක් ඉල්ලුවාම ඒ තීරණේ දෙනකොට අධිකරණය හොඳයි. නමුත් ව්‍යාවස්ථාව අර්ථකථනය කළාම කෝපයට පත්වෙලා, අධිකරණයට එරෙහිව ක‍්‍රියා කරනවා. ආණ්ඩුව මේ වනවිට අධිකරණය දණගස්සවා ගැනීමේ ක‍්‍රියාමාර්ග තුනක් අනුගමනය කරමින් සිටිනවා.
එකක් තමයි දිවිනැගුම පනත සම්බන්ධයෙන් 30වෙනිදා ලබාදිමට නියමිත තීන්දුව ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් ලබාගැනීමට උපරිම පීඩනයක් විනිශ්චයකාරවරුන්ට එල්ලකර දණගස්සවා ගන්න සියලු බලපෑම් එල්ල කිරීම. දෙවෙනි ආකරය අගවිනිසුරුවරියට ඉල්ලා අස්වීමට බලකෙරෙන වටපිටාවක් ඇති කිරීම. තුන්වන ආකාරය දෝෂාභියෝගයක් ඉදිරිපත්කරමින් අගවිනිසුරුවරිය ඉවත්කිරීම. මේ සඳහා අත්සන් එකතු කිරීමක් මේ වනවිටත් සිදුකරමින් යනවා. වීරවංශ ඇමතිවරයා 13වැනි ව්‍යස්ථා සංශෝදනය ඉවත්කර ගන්න කියලා ආණ්ඩුවට යොජනා කළා. ප‍්‍රසිද්ධ රැස්වීමකදී කිවුවේ අද බෙදුම්වාදය අලූත්කඬේට ඇවිත් තියෙන බවයි. අලූත්කඬේ කියන්නේ අධිකරණ සංකීර්ණය.
ඇත්තමට බෙදුම්වාදයක් උතුරු නැගෙනහිර ක‍්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ සිට ක‍්‍රියාත්මක කරනවා. ලෝකයේ වෙනත් රටවල සිට ක‍්‍රියාත්මක කරනවා. මේ තැන්වල පවතින බෙදුම්වාදය පරාජය කිරීමට කිසිවක් නොකරන ආණඩුව ඇත්ත ප‍්‍රශ්නය යටපත්කරන්න 13වැනි ව්‍යවස්ථා සංශෝධනය අයින් කළ යුතු බවට බොරු ඝෝෂා කරනවා. කේපීට ගෙවල් යොයාදී තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරනවා. ඒ අතර සාමාන්‍ය ජනතාවට බලපාන ප‍්‍රශ්න කිසිවක් නොවිසඳා බෙදුම්වාදය දෙසට තල්ලුකරමින් සිටිනවා. මේ ඇත්ත තත්වය හංඟා අධිකරණයට බලපෑම් කිරීමට විවිධ කණ්ඩායම් යොදවා තිබෙනවා. තමන්ගේ කටයුතුවලට බාධාකරන ඕනෑම ආයතනයක් බියවද්දා නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථාව පැත්තකට දමා බරපතළ ගමනක් යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මේ බරපතළ තත්වය ඉතා හොඳින් තේරුම්ගෙන පරාජය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන සෑම කෙනෙක්ම ක‍්‍රියාත්මක විය යුතුයි.
1987 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් පළාත් සභා පිහිටවූවා. පළාත් සභා පිහිටුවීම ජාතික ප‍්‍රශ්නයට උත්තරයක් නොවන බවත් තව ප‍්‍රශ්න ගණනාවක් ඇති කිරීමට හේතුවන බවත් අපි එදා පැහැදිලි කළා. අපේ ඒ ස්ථාවරයේ අපි දිගටම රැුඳී සිටිනවා. දෙමළ මුස්ලිම් සිංහල ජනතාවට අයිතීන් ලබාදිය යුතුයි. පළාත් සභා සුදු අලි නඩත්තු කරන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුවට 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රශ්නයක් වුණේ, දිවි නැගුම පනත සම්මත කරගන්න බාධා වූ නිසා. දිවි නැගුම සම්මත කර ගැනීමට උපක‍්‍රම සොයමින් 13වැනි සංශෝධනය අහෝසි කරන්න බොරු ඝෝෂා කරමින් සිටිනවා. ඇත්තටම ඒක කළයුතු නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් 2/3 ඡුන්දයෙන් සම්මත කරගෙන අහෝසි කළ හැකියි. 13වැනි සංශෝධනය නිසා රට බෙදනවා නම් එය පරාජය කළ යුතුයි. ආණ්ඩුව ඇතුළෙන් එළියට පැමිණ ඇත්ත ප‍්‍රශ්න වෙනුවෙන් සටන් කළ යුතුයි. මේ ගොල්ල රාජපක්‍ෂ පවුලේ දෝලාව කරගහගෙන යන අයයි. අවංකව කටයුතු කරන්නේ නැහැ. මේ බොරුව, වංචාව හෙළිකළ යුතුයි. 13වැනි සංශෝධනයත් එක්කම 18වැනි සංශෝධනයත් ඉවත්කළ යුතුයි.
13වැනි ව්‍යස්ථා සංශෝධනය ඉවත්කිරීම ගැන බොරු ඝෝෂා කරමින් ආණ්ඩුව බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් තියෙනවා. දිවි නැගුම පනත සම්මත කර ගැනීම එකක්. රටේ ජනතාව පෙළන ප‍්‍රශ්නවලින් අවධානය වෙනතකට යොමුකර ගැනීම තවත් අරමුණක්. අයවැය ළඟම පැමිණෙන නිසා ජනතාවගේ අවධානය ආර්ථික ප‍්‍රශ්න කෙරෙහි වැඩියෙන් යොමුවී තිබෙනවා. ඒ අතර පිටි මිල වැඩිකර තිබෙනවා. පාන් මිල වැඩිකිරීමට නියමිතයි. 13වැනි සංශෝධනය පෙන්වා බඩු මිල වැඩිවීමේ ප‍්‍රශ්නයත් වැටුප් වැඩිකරගැනීමේ සටන් කි‍්‍රයාමාර්ගයත් යට ගැසීමට මාන බලනවා. මීට අවුරුදු කිහිපයකට පෙර අයවැය ආසන්නයේ බැංකි මූන් ලංකාවට ආවා. ඒ වෙලාවේ මාරාන්තික උපවාසයක් කළා. දැනුත් අයවැය ආසන්නයේ 13වැනි සංශෝධනය ගැන කතාකරමින් ඉන්නවා. 2013දී ජනාධිපතිවරයාගේ මුළු වැය ශීර්ෂය රුපියල් කෝටි 740යි. දවසක ආසන්න වියදම රුපියල් කෝටි දෙකකට වැඩියි. මේ සල්ලි ජනතාව මත බදු පටවා අරගන්න ඒවා. මේ ඇත්ත ප‍්‍රශ්න වසා ගැනීමට ආණ්ඩුව 13වැනි සංශෝධනය ගෙනත් තිබෙනවා.
ඒ වගේම දඬුවම් පැමිණවීමේ නීති වෙනස් කරමින් පවුල් පාලනයට බාධාකරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ සැලැස්මක් තව පැත්තකින් තියෙනවා. මේ ගමන් කරමින් සිටින්නේ ව්‍යස්ථානුකූල ඒකාධිපතිත්වයකට. තමන්ට අවනත නොවන ආයතන සියල්ල යටපත් කර ගැනීමට කටයුතු කරනවා. අධිකරණය නිසා තිබෙන බාධාවන් ඉවත්කර ගැනීමට උත්සාහ කරනවා. ගොරකා දඩමස් කිරීමටත් දඩමස් ගොරකා කිරීමටත් ආණ්ඩුව කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.
අල්ලස් කොමිසම ඉදිරියේ අපි පැවරූ නඩු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් එකක් ඉදිරියට ගෙන තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. නීතිය සාධාරණව කි‍්‍රයාත්මක කිරීමෙන් හිරේ ඉන්න ඕනෑ විශාල පිරිසක් ආණ්ඩුව තුළ සිටිනවා. පී.බී.ජයසුන්දර මහත්තයාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් අනුව රාජ්‍ය සේවයේ යෙදෙන්න බැහැ. නමුත් මේ තීන්දුව ලබාදුන් ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලය වෙනුවට පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කර ඒ තීන්දුව වෙනස්කර ගත්තා. තමන්ට එකඟ නැත්නම් නීතිය වෙනස්කර ගන්නේ මේ ආකාරයටයි. එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයාට විරුද්ධව මාවිල්ආරු වන්දිමුදල් වංචා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා රුපියල් කෝටි 45ක වත්කම් සොයාගත් ආකාරය හෙළිකරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලිකර තිබෙනවා. කෝප් වාර්තා අනුව චෝදනා ලැබූ සිය ගණනක් ආණ්ඩුවේ සිටිනවා. මේ සියලූ දෙනා පිළිබඳව ආණ්ඩුව අවශ්‍යනම් නීතිය කි‍්‍රයාත්මක නොකර සිටිනවා. ආණ්ඩුවට විරුද්ධ නම් නීතිය කි‍්‍රයාත්මක කරනවා.
මේවා ඉතා බරපතළ තත්වයක්. දිනපතාම තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් හසුරුවන අකාරයක් පැහැදිලිව පෙනෙනවා. රටේ ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයකට ගමන් කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම්වලට එරෙහිව මේ පාලනය කි‍්‍රයාත්මක වෙමින් සිටින බව සියලූ දෙනාටම පැහැදිලියි. මේ තත්වයට එරෙහිව සියලු දෙනා මැදිහත් වී ඉක්මනින් කි‍්‍රයාකළ යුතුයි. ඒකාධිපති ගමන පරාජය කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා අවශ්‍ය සියලූම මැදිහත්වීම් කරමින් කි‍්‍රයාකාරීව කටයුතු කරමින් සිටිනවා. මේ බරපතළ තත්වය පරාජය කිරීමට සියලු දෙනා කි‍්‍රයාකළ යුතුයි."
මෙම අවස්ථාවට එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභික, කොළඹ මහ නගරසභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද එක්වූහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment