Monday, 29 October 2012
සුලි කුණාටුව මධ්‍යම රාත්‍රියේදී මුලතිව් දෙසින් දිවයිනට
බෙංගාල බොක්කේ ඇතිවූ දැඩි පීඩන අවපාතය ප්‍රබල නොවූ සුළි කුණාටුවක් ලෙස අද (29) මධ්‍යම රාත්‍රී වන විට මුලතිව් දෙසින් දිවයිනට ඇතුළු වී උතුරු ප්‍රදේශ හරහා ඉන්දියාව දෙසට ගමන්කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සවස 4. 00 පමණ වනවිට මුලතිව් වෙරළට කිලෝමීටර 150 ක් දුරින් තිබූ එම පීඩන අවපාතය ප්‍රභල සුළි කුණාටුවක් දක්වා වර්ධනය නොවන බැවින් සුළගේ උපරිම වේගය කිලෝ මීටර 80 ක් පමණ වනු ඇතැයි ද නැගෙනහිර, උතුර, උතුරු මැද හා වයඹ පළාත් වලට මිලිමීටර 150 ට වැඩි අධික වැසි ඇති වේයැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සියළුම පදේශවලට මහ වැසි ඇතිවන බවද ඇතැම් වැසි මිලි මීටර 100 ඉක්මවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මුලතිව් සිට යාපනය ඔස්සේ මඩකලපුව දක්වා මුහුදු තීරය දැඩි සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලින් ඈත්ව සිටින ලෙස ද නිවෙස් වල සිටියද අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment