Wednesday, 3 October 2012
ඉන්ධන නැතිව දුම්රිය ගමනක් අවලංගුයි
ඉන්ධන නොමැතිවිමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ දැඩි දුෂ්කරතාවයට පත්වී තිබේ.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් එක් දුම්රිය ගමන්වාරයක් අවලංගු කිරිමටත් තවත් දුම්රියක ගමනාන්තය කෙටි කිරිමටත් සිදුවු බවයි.
ඉන්ධන නොමැති විමෙන් ඊයේ පස්වරුවේ එලෙස අවලංගු කිරීමට සිදුව ඇත්තේ මරදාන සිට අළුත්ගම බලා ධාවනය විමට නියමිතව තිබු දුම්රියකි.
ඊට අමතරව කොළඹ කොටුව සිට කුරුණෑගල බලා ධාවනය වූ දුම්රියක් පොල්ගහවෙලින් නතර කිරිමට ද දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු විය.
ඒ පිළිබඳව කළ විමසිමකදි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, ලංකා ඛනිජතෙල් සංස්ථාව නිසි වේලාවට ඉන්ධන ලබානොදිම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවයි.
ඊයේ උදෑසන ලබාදිමට නියමිතව තිබු ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්ථාව මගින් සැපයුවේ පස්වරුවේ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment