Wednesday, 3 October 2012

පෙම්වතියගේ නිරුවත තැටිගත කළ පෙම්වතා දැලේ

අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකථනයක් සහ සංයුක්ත තැටියක් සමග තරුණයෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු කැබිතිගොල්ලෑව, පාඩියන්ගම, ඇටවරගොල්ලෑව 17 වියැති තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ඇයගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවයි. එම දර්ශන උපයෝගී කරගෙන සංයුක්ත තැටියක් සකස් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය ද ආරක්ෂාව සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය වෛද්‍ය පරික්ෂණයකටද ඉදිරිපත් කර තිබේ. සැකකරු අද අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතයි.

No comments:

Post a Comment