Wednesday, 31 October 2012
දක්ෂිණ අධිවේගී මාර්ගයට නඩු කීමට සැරසෙන සුබසිංහ මහතා
පසුගිය දිනයක තිඹිරිගස්යායේ පදිංචි සරත් සුබසිංහ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ඉඩවිය අධිවේගී මාර්ගය ඔස්සේ යමින් සිටියදී කහතුඩුව ගැලනිගම ප්‍රදේශයේදී අනතුරට ලක්විණි.
වැසි සහිත කාලගුණික තත්වය යටතේ සරත් සුබසිංහ මහතාට මෝටර් රථය පාලනය කිරීමට නොහැකි වී ඇති අතර එය ආරක්ෂක වැටෙහි වැදී ඇත. රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථයෙහි මාස අටක බිලින්දෙකුද සිට ඇත.
රථයේ ගමන්කළ සියලු දෙනා ආරක්ෂක බඳපටි පැළඳ ඇති හෙයින් අනතුරෙන් වාහනයේ ගමන්ගත් පිරිසට ඇතිවී තිබුනේ සුළු තුවාල පමණක් බව වාර්තා වනවා.එනමුත් ආරක්ෂක වැටට සිදුවූ අලාභය පියවීම සඳහා සරත් සුබසිංහ මහතාට රුපියල් එක්ලක්ෂ පන්දහසක් මාර්ග අධිකාරියට ගෙවීමට සිදුවී ඇත.
සුබසිංහ මහතා මේ අනතුර පිලිබඳ පවසන්නේ මෙවැන්නක්
"පාරේ වතුර, තැන් තැන්වල තාරද උඩට ඉස්සිලා. කාපට් තට්ටුව බාලයි..එහෙම නැත්නම් අනතුර වලක්වගන්න තිබුන."
මේ හේතුව මත සරත් සුබසිංහ මහතා විසින් දක්ෂිණ අධිවේගී මාර්ග අධිකාරියට එරෙහිව නඩු පැවරීමට සුදානමින් පසුවනවා. ඒ නිසි ප්‍රමිතියකට ඉදි නොකළ හේතුවෙන් අනතුරට ලක්වීමට සිදුවූ බව කියමින්.
සරත් සුබසිංහ මහතාගේ මෝටර් රථය අනතුරට පත්වී ඇති ආකාරය පහතින් බලන්න
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment