Wednesday 31 October 2012

උම්මා රතුපාට හළා කොළපාට වෙයි

හිටපු ජ.වි.පෙ ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මා මහත්මිය එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. අද (31) කොළඹ ජාතික සේවක සංගම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇය එ.ජා.ප පක්ෂ සාමාජිකත්වය ලබාගත් බව පවසයි. 2004 පැවති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරගකිරීමේදී එකී සන්ධානයෙන් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව " ජාතික නිදහස් පෙරමුණ" බිහිවෙද්දී ඇයද ඊට එකතු වූවාය. කෙසේ වෙතත් මේවන විට ඇය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරයි.

No comments:

Post a Comment