Friday, 12 October 2012

දඹුල්ලේ උප නගරාධිපති යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දඹුල්ල උප නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයකු ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මාර්ග වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තු දෙකක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ. එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී දඹුල්ල නගරයේදී පසුගිය 5 වැනිදා ඔවුන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment