Friday, 12 October 2012

TNA නියෝජිතයෝ ඉන්දීය අගමැති හමුවෙති

ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන වැසියන්ගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් සඳහා සිය කැපවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයට සහතික වී ඇතැයි, ’ ද හින්දු ’ පුවත්පත වාර්තා කළේය. ඉන්දියාවේ සංචාරයක නිරත දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මොහන් සිං මහතා හමුවූ අවස්ථාවේ ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ. දෙමළ වැසියන් ශ්‍රී ලංකාවේ සාමකාමී පරිසරයක් තුළ අභිමානයෙන් සහ ගෞරවාන්විතව ජීවත් විය යුතුය යන ස්ථාවරය වෙනස් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසූ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය. දෙමළ වැසියන් බහුතරයක් වෙසෙන පළාත්වල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදාහැරීමේ ප්‍රවේශයක් සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ක්‍රියාකරන ආකාරය ද දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමු වූ ඉන්දීය නියෝජිතයින් පැහැදිළි කර ඇතැයි ද ’ ද හින්දු ’ පුවත් පත වැඩිදුරටත් වාර්තා කළේ ය.

No comments:

Post a Comment