Thursday, 4 October 2012

නිවස ගිනිගෙන පවුලක් පිළිස්සෙයි

රාගම, තේවත්ත පාරේ නිවසක අද අලුයම ඇති වු ගින්නකින් එහි සිටි පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ නිවසේ උඩු මහලේ සිටි එකම පවුලේ මව,පියා, දියණිය සහ පුත්‍රයා ගින්නෙන් පිළිස්සී ඇති බවයි. පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ. තුවාල ලැබු 11 හැවිරිදි පුත්‍රයාගේ තත්ත්වය බරපතල බව රෝහල් පොලීසිය පැවසීය. මව සහ පියා 35 හැවිරිදි වියේ පසු වු අතර තුවාල ලැබු දියණිය‍ගේ වයස අවුරුදු 9 කි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

No comments:

Post a Comment