Monday, 8 October 2012
චාවේස්ට තවත් වසර හයක්
ඊයේ (07) වෙනිසියුලාවේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති හියුගෝ චාවේස් ජයග්‍රහණය කිරීමත් සමග ඔහුට 2013 ජනවාරි 10වැනිදා සිට තවත් වසර 06ක කාලයක් බලයේ සිටීමේ අවස්ථාව ලැබී තිබේ.
වෙනිසියුලානු විප්ලවය ඉදිරියට ගෙනයාම සඳහා තමන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලූ චාවේස්ට 54.66%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර එක්සත් ජනපදය ප්‍රමුඛ වෙනිසියුලානු දක්ෂිණාංශයේ සහය ලද කැප්‍රිලේස්ට හිමි වූයේ 44.73%ක ඡන්ද ප්‍රතිශතයකි.
ජයග්‍රහණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව ජනාධිපති මන්දිරයේ සඳළුතලයේ සිට ජනතාව ඇමතමින් සැබැවින්ම මෙය හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සටනක් බව කී චාවේස් 21වැනි සියවසේ සමාජවාදය කරා වෙනිසියලාව පෙරට යනු ඇති බව අවධාරණය කළේය.
චාවේස්ගේ ජයග්‍රහණයත් සමග ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් වීදිවලට බැස ප්‍රීති ඝෝෂා පවත්වද්දී වෙනිසියුලානු වාමාංශික බලපෑම ලබන කලාපයේ රටවල උණුසුම් සුභපැතුම් ඔහු වෙත ඉදිරිපත් වෙමින් තිබේ. "ඔබේ ජයග්‍රහණය අපේද ජයග්‍රහණයක්. එය දකුණු ඇමරිකාවේම හා කැරිබියානු කලාපයේම ජයග්‍රහණයක්." ආර්ජන්ටිනානු ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්ඩිනැන්ඩස් කියා සිටියාය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment