උඩවලව දෙමෝදර පාර, දකුණු ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බෙහෙත් කොටන ගිනි අවියකින් වෙඩි තබා ගැනීමෙන් මියගොස් තිබේ.
සියදිවි හානිකරගත් පුද්ගලයා පනස් හැවිරිදි පස් දරු පියෙකු බව උඩවලව පොලීසිය පැවසුවේය.
දීර්ඝ කාලයක සිට මුඛ පිළිකා රෝගයකින් පීඩා විඳීමෙන් ඇති වු සිත් තැවුලක් හේතුවෙන් මරණය සිදුකරගෙන ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර උඩවලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments:
Post a Comment