ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (30) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ඇරයුම් කළේය.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර නුවන් කුලසේකර මෙම තරගයේ උප නායකයා ලෙස කටයුතු කරයි.
දෙරට අතර එක්දින තරඟාවලිය නොවැම්බර් පළවෙනිදා ආරම්භවීමට නියමිතය.
No comments:
Post a Comment