Wednesday, 3 October 2012

එස්.බි. මහනාහිමිවරුන් බැහැ දකී

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමු වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සඳහායි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් හමු වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය විසදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කරුණු සැල කළ බවයි. මෙහිදී මහනාහිමියන් පවසා ඇත්තේ පවතින අර්බුදය විසදීම සඳහා සියලු පාර්ශ්ව සමග එක්ව කටයුතු කළයුතු බවයි. ඒ අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන් වෙනුවෙන් එම පාර්ශ්වයේ අනුනායක ගලගම අත්තදස්සි හිමියන් මුණගැසුණු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment