Saturday, 20 October 2012

පීතෘ සෙනෙහසේ මහිමය කියැවෙන අනුවේදනීය පුවතක්

මසක් වයසැති තම බිලිඳිය කරේ එල්ලාගෙන රික්ෂෝවක් පදවන ඉන්දීය ජාතික පියෙකු පිළිබඳ අනුවේදනීය පුවත ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වීමෙන් පසුව ඔහුට උපකාර කිරීමට ආයතන කිහිපයක් ඉදිරිපත්ව සීටී. රාජස්ථාන් ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි බැබ්ලූ ජටාව් නැමති මෙම පියාට මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ, සිය දියණිය බිහිවන අවස්ථාවේදීම බිරිඳ මිය යාම හේතුවෙනි. ඔහු පවසා ඇත්තේ, දරුවා බලා ගැනීමට කිසිවෙකු නොවීමත් ජීවනෝපාය සරිකර ගැනීමට වෙනත් මඟක් නොවීමත් හේතුවෙන් තමන්ට දරුවා ද රැගෙන රික්ෂෝව පැදවීමට සිදු ව ඇති බවය. කුඩා දැරියක රෙදිපටිවලින් සිය බෙල්ලේ එල්ලා ගෙන එම පුද්ගලයා රික්ෂෝව පදින ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ.

No comments:

Post a Comment