Sunday 21 October 2012

විදුලි සංදේශ නියාමන කොමිසමට එරෙහිව සියත නඩු පවරයි

‘සියත’ මාධ්‍ය ජාලය තම ආයාත තරංඟ අඩු කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට(TRC) එරෙහිව නඩු පැවරීමට යන බව වාර්තා වේ. සියත මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන ලද ආයාත තරංඟ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට හා රන්ගිරි - දඹුළු පාර්ශවයේ මහානායක ඉනාමලුවේ සිරිසුමංගල හිමියන්ට අයත් මාධ්‍ය ජාලයන් වෙත නීති විරෝධී ආකාරයට ලබා දී ඇති බව සියත මාධ්‍ය ජාලය සඳහන් කරයි. සියත මාධ්‍ය ජාලය අයත් කාරියප්පෙරුම සහෝදරයින් සහ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතියක වූ සංගීතා වීරරත්න (රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ බිරිඳ)සමග ජනාධිපතිවරයා විරසකව සිටීම මෙසේ ආයාත තරංඟ අඩු කිරීමට ආසන්නතම හේතුව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිට මහතා අදාල ආයාත තරංඟ සියත මාධ්‍ය ජාලයෙන් ඉවත් කොට එම තරංඟ ඇල්ලේ ගුණවංශ හිමියන්ට සහ ඉනාමලුවේ සිරිසුමංගල හිමියන්ට ලබා දී ඇත. නීතිය ඉදිරියේ සමානාත්මකභාවයක් සහ පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු හෙයින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට එරෙහිව තම සමාගමට නඩු නිමිත්තක් උපචය වී ඇති බව පැමිණිලිකාර සියත මාධ්‍ය ජාලය සඳහන් කර සිටී.

No comments:

Post a Comment