Tuesday, 2 October 2012
අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න , එයා හාමුදුරු කෙනෙක් නෙමේ
සේවයට වාර්තා කරන්නේ නම් මාස තුනක හිඟ වැටුප් ගෙවීමට සූදානම් යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක මහතා කළ ඉල්ලීම තම සංගමය ප්‍රතික්ෂේප කරන බව ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
ඔහු පවසන්නේ ඉල්ලීම් පිළිබඳ එකඟතාවක් ඇතිවන තුරු වැඩ වර්ජනය අත්නොහරින බව ය.
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සමේලනයේ සභාපති ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි මහතා
’’අපි එකඟතාවක් ඇති කර ගන්නකම් අපේ ඉල්ලීම් සම්බන්ධව වැඩ වර්ජනය අඛන්ඩව ගෙන යා යුතුයි කියන එක තමා ස්ථාවරය .ඒක කිසිම තැනක වෙනස් වෙලා කියලා මට දැනගන්න ලැබිලා නෑ.ඊට වඩා වෙනස් තත්වයක් තියෙනවා කියලා ඒ නිසා මම හිතන්නේ නෑ එස්.බී දිසානායක මහත්තයාගේ උත්සාහය සාර්ථක වෙයි කියලා.අති බහුතරය මේ වෘත්තීය ක්‍රියා මාර්ගය තුළ ඉන්නවා.ඒ නිසා සුළුතරයක් හිටියට ඒ අයට වැඩ කරන්න හැකියාව නෑ.’’
මේ අතර ඊයේ උඩුනුවර පැවති උත්සවයකදී අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මෙවන් අදහසක් පළ කලේය.
’’මේ රංජිත් නිර්මාල් දේවසිරි කියන්නේ ඊ.පී.ආර්.එල්.එෆ්. එක්ක ගිහිල්ලා ආයුධ පුහුනුව ලබපු මිනිහෙක්.මේ දඹර අමිල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න .එයා හාමුදුරු කෙනෙක් නෙමේ.එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාව.මෙන්න මේ 5% විතර අද විදේශ බලවේග එක්ක එකතු වෙලා රට පෙරලන කුමන්ත්‍රණයකට අධ්‍යාපනය ඇදගෙන ගිහිල්ලා තියෙනවා.’’
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සමේලනයේ සභාපති ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි මහතා
’’මම හිතන්නේ නෑ උසස් අධ්‍යාපන ඇමතිතුමා කියන ඒවනම් මම හිතන්නේ නෑ බැරෑරුම් ප්‍රකාශ විදියට එතුමවත් භාර ගන්නවාද කියලා.’’
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment