හැටන්, පතන ප්‍රදේශයට අද පස්වරුවේ බලපෑ තද සුලඟකින් නිවාස කිහිපයකට හානි සිදුව තිබේ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පැවසුවේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බව ය.
මේ දින වල ඇද හැලෙන වර්ශාවත් සමග කොත්මලේ ගැරඬි ඇල්ලේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් නායයෑමේ අවධානමක්ද පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment