Sunday, 28 October 2012

ඝාතන සැකකරුවෙකු ඝාතනය කෙරේ

හො‍රණ අඟුරුවාතොට උක්වැල්ල මාර්ගයේදි තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ති‍බේ. පොලිසිය පැවසුවේ ඔහු අද උදෑසන බිරිද සමග යතුරුපැදියකින් යමින් සිටියදි තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට පහරදි ඇති බව ය. තුවාල ලැබු පුද්ගලයා හොරණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මිට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව ය. අඟුරුවාතොට පොලීසියට ගොස් යළි එමින් සිටියදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව තිබේ

No comments:

Post a Comment