Wednesday 21 November 2012

මාර්තු 15 සිට විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනේ

විශ්වවිද්‍යාලවලට නවක සිසුන් බඳවා ගැනීම ලබන මාර්තු 15 වැනිදා ආරම්භ කරන බව අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි. මීට අමතරව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශවල වැය ශිර්ෂද අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනුණි. සභාව ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා විමසා සිටියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් කොළඹ මාලිගාවත්ත ජාතික නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සැලැස්ම වෙනස් කිරිම සම්බන්ධව ය. මෙහිදී එහි ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය. අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන මෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශවලට අදාළ වැය ශිර්ෂ විවාදය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ය. සුජිව සේනසිංහ මහතාද විවාදයට එක්විය. අලුතින් කර්මාන්ත පනතක් සකස් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා ප්‍රකාශ කළේ ය. සුසිල් හදුන්නෙත්ති මන්ත්‍රිවරයා විවාදයට එක්වෙමින් අත්යන්ත්‍ර පේෂකර්මාන්තයට අඩු සැළකිලි හිමිවන බවට චෝදනා කළේ ය. නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සදහා වෙළෙඳපොළ සැකසිය යුතු බව ය.

No comments:

Post a Comment