Wednesday 21 November 2012

මහ වැස්සෙන් හම්බන්තොට නිවාස 60කට හානි

අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 60 කට පමණ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ බලඝන නායක හර්ෂ රවීන්ද්‍ර මහතා පැවසූවේ, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මල්පෙත්තාව සහ තවාන්විල ප්‍රදේශයේ නිවාස 30 කට පමණ අර්ධ හානි සිදුව ඇති බවය. ඒ අතර අම්බලන්තොට උහපිටගොඩ ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මේජර් සමන් බාලසූරිය මහතා පැවසුවේ, මාතර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවෙන් නිවාස 35 කට පමණ හානි සිදුව ඇති බව ය. ඊයේ රාත්‍රි 9.30ට පමණ කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 59 හැවිරිදි අදාළ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ‍පොලීසිය සඳහන් කළේ ය.

No comments:

Post a Comment