Wednesday 21 November 2012

බෙලිඅත්තේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

බෙලිඅත්ත, විස්කම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ‍හෙද නිලධාරියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු එම ආයතය පවත්වාගෙන ගොස් ඇති බව ය. අත්අඩංගුවට පත්වූවන් අතර ඔහුගේ බිරිඳ හා පුත්‍රයෙකු ද වන බව පොලීසිය පැවසීය. අදාළ මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගැනීමට පැමිණි කාන්තාවක සහ ඇයගේ සහෝදරියක ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ‍පොලීසිය පැවසූවේ, ගබ්සා මධ්‍යස්ථානයේ උපකරණ තොගයක් ද පොලීසිය භාරයට ගත් බව ය. අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් එම පිරිස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

No comments:

Post a Comment