Thursday 1 November 2012

ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී 2ක් එතනම මරුට

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (01) පෙරවරුවේ මියගොස් තිබේ. වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ මීරිගම, ගනේගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයෙකි. වයස අවුරුදු 27ක හා 38 ක පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මි‍යගොස් ඇති අතර ඔවුන් වේයන්ගොඩ, බෙලිගහමුල්ල, හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. අද පෙරවරු 8.50ට පමණ මෙම අනතුර සිදුව තිබේ‍.

No comments:

Post a Comment