Thursday, 15 November 2012
අල්ලස් ගත් රාජ්‍ය සේවකයින් 2කට ප්‍රජා අයිතිය අහිමි වෙයි
මහජනතාවට සේවය කිරීම සදහා අල්ලස් ගත් රාජ්‍ය සේවකයින් දෙදෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පී. පද්මන් සූරසේන මහතා අද නියම කළේ ය.
මෙම නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ වේල්ලවිදියේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවක කළ අයෙකි.
සුනාමියෙන් විනාශ වූ නිවසක් තනා ගැනීම සදහා ආධාර කිරීමට රුපියල් හාරදහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මොහු වරදකරු වු අතර ඔහුට වසර දෙකක සිර දඩුවමක් සමග රුපියල් විසිදහසක දඩයක්ද නියම කෙරුණි.
එසේම ඔහුට නියම කළ සිර දඩුවම වසර 7 කට අත්හිටවනු ලැබුණ.
අනෙක් නිලධාරියා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව සිටි පාරිභෝගික අධිකාරියට අනුබද්ධ පුද්ගලයෙකි.
අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙදසලකින් සහල් කිලෝග්‍රෑම් එකක් සහ බීම බෝතලයක් පාලන මිලට වැඩියෙන් අලෙවිකළ පුද්ගලයකුට එරෙහිව නඩුවක් නොපැවරීමට රුපියල් පහලොස් දහසක අල්ලසක් ගත් බවට ඔහු වරද පිළිගත්තේ ය.
අධිකරණය, එම පුද්ගලයාට වසර දෙකක සිර දඩුවමක් සහ රුපියල් විසිදහසක දඩයක් ද නියම කළ අතර ඔහුගේ සිර දඩුවම වසර 10 කට අත්හිටුවනු ලැබුණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment