Thursday 15 November 2012

පුද්ගල ඝාතන වරදකරුවෙකුට තංගල්ල අධිකරණයෙන් මරණ දඩුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වු පුද්ගලයකුට තංගල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. 2010 වසරේ ජුනි මස 27 වන දින බෙලිඅත්ත, අගුල්මඬුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමට අදාළ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඬුවම නියම කර තිබේ. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් දෙදෙ‍නා නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ලලිත් විජේසේකර මහතා නියෝග කළේ ය.

No comments:

Post a Comment