Monday, 19 November 2012

නැව් සමාගම් සාමාන්‍යාධිකාරීගේ ඝාතකයින් සොයන්න පොලිස් කණ්ඩායම් 2ක්

බම්බලපිටිය මුහුදු මාවතේදී ‍මෝටර් රථයක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු ඝාතනය කර තිබීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ පැවැත්විම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ. පොලීසිය පැවසූවේ, එම පොලිස් කණ්ඩායම් දැනටමත් අදාළ පුද්ගලයා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ කරමින් සිටින බවය. එම ස්ථානයෙන් ඇඟිළි සලකුණු කීපයක් ද හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය. ගෙලෙහි කැපුම් තුවාල සහිතව එලෙස ඝාතනය කර තිබුණේ, නැව් සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස සේවය කරමින් සිටි කිරුළපන පොල්හේන්ගොඩ පාරේ පදිංචිව සිටි විජිත් ද කොස්තා නැමති අයෙකි.

No comments:

Post a Comment