Friday, 16 November 2012
ගම්පොල තවත් පාසලක සිසුන් 40ක් රෝහලට
අසාත්මිකතාවක් හේතුවෙන් ගම්පොල පන්විලතැන්න විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උදෑසන රෝහල් ගත කර තිබේ.
පන්විලතැන්න රෝහල් ප්‍රකාශයෙකු පැවසුවේ සිසුන් 40 දෙනෙකු පමණ අසාත්මිකතාව හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි බව ය.
ඔවුන් අටදෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස ප්‍රතිකාර ගෙන රෝහලින් පිටව ගොස් තිබේ.
ඔවුන්ට ශරීරයේ පලු දැමීම, කැසීම, කැස්ස, පාචනය සහ වමනය ආදී රෝග ලක්ෂණ තිබු බව රෝහල් ප්‍රකාශකයා පැවසීය.
මේ අතර ඊයේ ගම්පොල ජිනරාජ විද්‍යාලයේ සිසුවියන් දහසකට අධික සංඛ්‍යාවක් ආසාත්මිකතාවයක් හේතුවෙන් හදිසියේ රෝගී තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් පීරිස් මහතා ගම්පොල රෝහලට යොමුකර ඇති බව ය.
එම අසාත්මිකතාවයට හේතු වූයේ යැයි පැවසෙන මැක්කන් පිළිබදව වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින්ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment