Sunday 11 November 2012

සෞදි අරාබියේදී අත්අඩංගුවට පත් 65 ක් දිවයිනට

සෞදි අරාබියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 65 දෙනෙකු යළි දිවයිනට එවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඔවුන් අද උදෑසන 10 ට පමණ කටුනායකට ලඟා වූ බව ය. නියමිත රැකියා ස්ථානයෙන් බැහැරව වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් ඔවුන් සෞදි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. දිවයිනට පැමිණි පිරිසට බස් ගාස්තු ලබාදී නිවෙස් වෙත පිටත්කර හැරීමට පියවර ගන්නා බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසිය.

No comments:

Post a Comment