Saturday, 17 November 2012

ට්‍රැක්ටර් අනතුරකින් 7කට තුවාල

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද අලුයම 4.30 ට පමණ ට්‍රැක්ටරයක, පිටුපස කොටස ගැලවී ගොස් පෙරළීයාමෙන් එහි ගමන් ගත් පිරිස තුවාල ලබා ඇති බවය. සිද්ධියෙන් තුවාල ලැබූවන් මනම්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඉන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවය. ට්‍රැක්ටරයේ රියදුරු අනතුරින් පසුව පලාගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment