Saturday, 17 November 2012

රතු වැස්සට හේතුව සොයා ගනී

පසුගිය දා සෙවනගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ හා පදියතලාව ප්‍රදේශවලට පතිත වූ රතු වැස්සේ ජල සාම්පලවලින් ඒක ශෛලික ක්ෂුද්‍ර ජීවි විශේෂයක් හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම ක්ෂුද්‍ර ජීවි විශේෂය ට්‍රැකොල්මොනොස් නැමති ඇල් ගී කාණ්ඩයට අයත් ඒක‍ ශෛලික ජීවි විශේෂයක් බවට තහවුරු වී ඇති බව ය. ඒ බව තහවුරු වී ඇත්තේ, අදාළ ජල සාම්පල නැනෝ තාක්ෂණ ආයතනයේදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂාවේදී ය. එම ජීවින් පොළව තුළ බහුලවම දැකිය හැකි ඇල් ගී විශේෂයක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වරක කොළ පැහැයෙන් ද තවත් වරක රතු පැහැයෙන් වර්ණ වෙනස් කරමින් එම ක්ෂුද්‍රජීවි විශේෂය වෙසෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. වැසි ජල සම්පාලවල ද එම ක්ෂුද්‍ර ජීවි විශේෂයේ බෝ වීම ශ්‍රීඝ්‍රයෙන් සිදුවන බව තහවුරු වී තිබේ. එබැවින් මේ පිළිබඳව විද්‍යාත්මක කරුණු තහවුරු කර ගැනීම සඳහා එම ජීවින්ගේ ඩි.එන්.ඒ. පරික්ෂණයක් පැවැත්වීමට වෛද්‍ය පර්යේෂණායතනය අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment