Saturday, 17 November 2012
ජවිපෙ විරුද්ධවෙද්දී විමල්ගේ ගෝලයා පැනයයි!!!
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යතු බවටත් පළාත් සභා අහෝසි නොකළ යුතු බවටත් එක්සත් ජාතික පක්ෂය විසින් උතුරුමැද පළාත් සභාවට ගෙනා යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිතා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පමණක් බව වාර්තාවේ.
මෙම අවස්ථාවේදී සිදුවූ විශේෂිතම සිදුවීම වන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකළ යුතු යැයි පුන පුනා පවසන විමල් වීරවංශ මහතාගේ උතුරුමැද පළාත් සභාවේ ගෝලයා වන මන්ත්‍රී පී. බී. කුමාර මහතා මෙම යෝජනාව සම්බන්දයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
මෙහි විවාදය සිදුවන අවස්ථාවේදී පවා සභාගැබ තුළ සිටි ඒ මහතා ඡන්දය විමසනවිට එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකර සභාගැබෙන් පිටට ගොස් තිබේ. ඡන්ද විමසීම අවසන්වූ වහාම ඔහු නැවතත් සභාව තුළට පැමිණ ඇත.
ඔහු සභාගැබෙන් පිටත සිටින විට ඔහුට ඉතා සමීපතම පළාත් සභාවේ සේවකයෙකු ඔහුගෙන් විමසා ඇත්තේ "මන්ත්‍රී තුමා මොකද 13ට විරුද්ධව ඡන්දෙ දෙන්න යන්නෙ නැද්ද?" යනුවෙනි. එවිට මන්ත්‍රීවරයා පවසා ඇත්තේ " මම ඔය මගුලට යන්නෑ. වැඩේ ඉවරුවුනාම යනවා." යනුවෙනි. එවිට සේවකයා පවසා ඇත්තේ "ඉතින් ඔබතුමාලාගේ පක්ෂෙ 13ට විරුද්ධයිනේද? ඇයි ඔබතුමා ඒකට විරුද්ධ නැද්ද?" යනුවෙනි. එවිට මන්ත්‍රීවරයා පවසා ඇත්තේ "ඇයි අයිසේ තමුසෙ හිතුවද මටත් පිස්සු හැදිලා කියලා. මට තවම පිස්සු හැදිලා නෑ. මේ පළාත්සභාව අහෝසි වුනොත් අපේ ම්ත්‍රී කට්ටටත් කෙලවෙනවනේ" යනුවෙනි.
කෙසේ නමුත් මෙයට විරුද්ධව ඡන්දය භාවිතා කළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මෙම යෝජනාවට විරුද්ධවෙමින් පවසා ඇත්තේ "ඉන්දු ලංකා ගිවිසුම එන මොහොතේ සිටම අපි මේකට විරුද්ධයි. මේ සමහර මහත්තුරු දැන් එකපාරටම හීනෙන් නැගිටලා වගේ 13 එපා එපා කියලා කෑගහනවා. අපි මේකට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. එම නිසා මම මේ සභාවේදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යතුයැයි ගෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා. අපගේ යෝජනාව වන්නේ පළා ත්සභාක්‍රමයම අහෝසි කළ යුතු බවයි" යනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment