Monday, 12 November 2012

හෝටල් කාමරයකින් ආයුධ මතුවෙයි

වෙඩි වැදී තරුණයෙකු මියගිය කෑගල්ලේ හෝටලයක කාමරයක් තුල තිබී ජීව අත් බෝම්බ දෙකක් හා ටී 56 උණ්ඩ යොදන ගිනි අවියක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කලේ, එම ‍හෝටලයේ කළමනාකරු ලැගුම් ගන්නා කාමරයක තිබී එම අවි ආයුධ සොයා ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පසුගියදා තම කළමනාකාරවරයා සතුව පැවැති ගල්කටස් වර්ගයේ ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී වෙඩි වැදුණු බව කියන කැගල්ල හෝටල් සේවකයා ඊයේ මියගිය බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment