Monday, 12 November 2012

සභා ගැබට ජංගම දුරකතන එපා '' - කතානායක

පාර්ලිමේන්තු සභා ගැබට ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළේ ය. කථානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න විමසීම් සිදුවන අවස්ථවේ, ඇතැම් මන්ත්‍රිවරුන් ජංගම දුරකථන භාවිත කරන බව නීරීක්ෂණය වු බව ය. පාර්ලිමේන්තු සභා ගැබ තුළ ජංගම දුරකථන භාවිත කිරීම ආශෝභන ක්‍රියාවක් බවද කතානයකවරයා සඳහන් කළේ ය. ඒ අවස්ථාවේදී, වාචික ප්‍රශ්න විමසමින් සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ සභාගැබ තුළ ජංගම දුරකථන ක්‍රියාකිරීම නතර කිරීම සඳහා දුරකථන සංඥා අවහිර කරන ලෙස ය. එසේ කළහොත්, පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන යන්ත්‍රවලටද එමගින් බාධාවක් වන බව පාර්ලිමේන්තුවෙන් ඉංජිනේරුවරුන් දැනුම් දී ඇති බව කතානයකවරයා ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment