Friday, 16 November 2012

අර්ජුනගෙන් හා ටිරාන්ගෙන් ෆොන්සේකාට පිළිතුරු

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට පසුගිය දා යැවූ ලිපිවලට අද ඔවුන් පිළිතුරු යවා තිබේ. රටේ වර්තමාන අභියෝග හමුවේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ අනේකවිධ ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් තමා කැපවීමට ගත් තීරණය වෙනස් වී නොමැති හෙයින් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ රැඳී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා යැවූ ලිපියේ දැක් වේ. තමා ජනතාවට කෘතඥතාව දැක් වීමට උගෙන ගත්තේ 2001 වසරේ මහ මැතිවරණයට තරග කිරීමටත් පෙර සිට ජනතා සේවයට දිවි හිමියෙන් කැප වූ පියාණන්ගෙන් බව ද අදාළ ලිපියේ සඳහන් වේ . මේ අතර ,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා යැවූ ලිපියේ සඳහන් වන්නේ ,2012 නොවැම්බර් මස 10 වැනිදා තමන් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නොලැබුණු බව ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබූ බව ය. එහෙත් ඔහු එවූ ලිපිය තමන්ට ලැබුණේ එය මාධ්‍යයට නිකුත් කර පැය 48 කට පසුව බව ද අලස් මහතා සිය ලිපියෙන් සඳහන් කරයි. 2010 පෙබරවාරි 8 වැනි සිට ෆොන්සේකා මහතා නිදහස් කරන තෙක් ඔහුට හා ඔහුගේ පවුල වෙනුවෙන් කළ කැපවීම් මාස තුනක් වැනි කාලයක් තුළ අමතක වූවා නම් ෆොන්සේකා මහතාගේ නිවසට ගොස් අතටම භාර දුන් අස්වීමේ ලිපිය අමතක වීම ගැන මවිතයට පත් නොවන බව ද ටිරාන් අලස් මහතා සිය ලිපියෙන් දන්වා තිබේ. ඔහු සිය ලිපයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ ,තමා සතුව තිබූ පක්ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් වෙනස්කොට සැමට තරග කිරීමට අවස්ථාව ලබා දෙමින් ඉටු කළ කාර්යභාරය දන්නා ජනතාව ෆොන්සේකා මහතා කෘතඥතාව දක්වන ආකාරයත් ,තමා කෘතඥතාව දක්වන ආකරයත් හොඳින්ප අවබෝධ කෙරගෙන ඇති බව ය.

No comments:

Post a Comment