හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට තිබේ.
ඊයේ රාත්‍රී 10.45 ට පමණ මාර්ගයේ බ්ලැක්පූල් ප්‍රදේශය ආශ්‍රිතව මෙසේ ගල් පෙරළී ඇත.
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථවාහන පදවන්නන්හට උපදෙස් දෙයි.
තලවකැලේ - පූඩළුඔය - තවලන්තැන්න හරහා නුවරඑළියට විකල්ප මාර්ගයක් වැටී ඇති බව පොලිසිය පැවසීය.
No comments:
Post a Comment