කොරියාවේ, බූසාන් නුවර සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ තලංගම, මාලඹේ ප්‍රදේශයේ සිට කොරියාවේ රැකියා සඳහා 33 හැවිරිදි තරුණයෙකි.
ඔහු සිය නවාතැන තුළ දී මියගොස් සිටියදී මීට දින කිහිපයකට පෙර සොයා ගෙන තිබේ.
ඔහුගේ සොහොයුරිය නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, ඩික්සන් චමින්ද නැමැති සිය සොහොයුරාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවය.
ලබන 21 වැනිදා ඩික්සන් චමින්ද මහතාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිත බව ද ඇය සඳහන් කළාය.
No comments:
Post a Comment