Saturday, 17 November 2012
සුනිල් පෙරේරා සහ මන්ත්‍රි වී.කේ ඉන්දික ගැටුමක් ඇතිකරගෙන.
ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මෙම ගැටුම ඇති වී තිබෙන අතර, එහිදී මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.මෙහිදී සුනිල් පෙරේරා මහතා පවසා ඇත්තේ තමන් මේ ගීතය ඕනෑම ස්ථානයක, ඕනෑම අයකු ඉදිරිපිටදී ගායනා කිරීමට සූදානම් බවයි.
වී.කේ. ඉන්දික මන්ත්‍රිවරයා පවසා ඇත්තෙ රාජපක්ෂවරුන් ඉදිරියේදී සුනිල් පෙරේරාට මේ ගීතය ගායනා කළ හැකි වුවත් තමන් ඉදිරියේදී එලෙස රාජපක්ෂ පරපුරට අපහාස කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය හමුව සංවිධානය කළ සංවිධායක මණ්ඩලය පවසන්න හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන වී.කේ. ඉන්දික මන්ත්‍රිවරයා අදාළ හමුව මුළුමනින්ම කඩාකප්පල් කළ බවයි.
මේ උත්සවයට සහභාගි වී සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මීට සම්බන්ධ නොවූ බවත්, සුනිල් පෙරේරා මහතා තම ගීතය ගායනා කිරීමට පෙර නියෝජ්‍ය කතානායකවරයාගෙන් පමණක් අවසර ගැනීම මන්ත්‍රිවරයාගේ කෝපයට හේතු වූ බවයි. මේ සිද්ධිය නිසා උත්සවය අතරමඟ නවතා දැමීමට සිදුවූ බවද සංවිධායක මණ්ඩලයේ අදාළ ප්‍රධානියා සඳහන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment