Monday, 5 November 2012

දෝෂාභියෝග යෝජනාව ගැන යළි සලකා බලන්නැයි මහනාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක අවශ්‍යතාව යළි සලකා බලන්නැයි ත්‍රෛයි නිකායික මහනාහිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරති. උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි. අගවිනිසුරුවරියට එරෙහි කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව මුල්කරගෙන ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය තුළ මතු වී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාවගේ පවා අවධානය යොමුව ඇතැයි මහනාහිමිවරු පවසති. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා තමන්වහන්සේගෙන් ද කරුණු විමසා සිටින බැවින් ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමුකරවන බව උන්වන්සේ පෙන්වා දෙති.

No comments:

Post a Comment