Monday, 5 November 2012

ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මළ සිරුරු හතරක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගල මළ සිරුරු හතරක් සොය ගෙන තිබේ. පොලීසිය සදහන් කලේ දකුණූ කළුතර, තලාතුඔය, පදවිය සහ කොළඹ කොටුව යන ප්‍රදේශ වලින් ඊයේ එම මල සිරුරු හමුවූ බව ය. දකුණු කළුතර ප්‍රදේශයේ කළුගගේ කලපුවේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර එය වයස අවුරුදු 60 ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර තලාතුඔය කළුකෑල්ල නැමති ඉඩමේ ලදු කැලෑවක තිබී තරුණයෙකුගේ මලසිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ 25 හැවිරිදි එම තරුණයා අගියඅතක් නොමැති බව‍ට පසුගිය 31 වෙනිදා තලාතුඔය පොලීසියට පැමිණිල්ලක්ද ලැබී ඇති බව ය. මේ අතර පදවිය වෙහෙරගල විහාරස්ථානය පිටුපස වැව් සොරොව්ව ආසන්නයේ ගල් දෙබොක්කාවක සිරවී තිබූ තවත් නාදුනන පිරිමි මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයා ගනු ලැබී ය. පොලීසිය සදහන් කළේ හදුනාගැනීමට අපහසු තත්ත්වයක පවතින එම මළ සිරුරේ හිස කොටස කදින් වෙන්වී ඇති බව ය. මේ අතර කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයේ පාවෙමින් සිටි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලීසිය සදහන් කලේ මෙලෙස මිය‍ ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ත් 50 ත් අතර පුද්ගලයෙකු බව ය.

No comments:

Post a Comment