Monday, 5 November 2012

මාවනැල්ලේ විදුහල්පතිට පහර දුන් අය සොයා පරීක්ෂණ

මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ, විදුහල්පතිවරයාට පහරදුන් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය සදහන් කලේ, ඔහුට අද පෙරවරුවේ, කිසියම් පුද්ගලයෙකු විද්‍යාලය ඉදිරිපිටදි පහරදී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති බව ය. විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ට එම විදුහල්පතිවරයා විසින් දඩුවම් කළ බව කියන සිද්ධියක්, පහරදිමට හේතුවී ඇති බවට සැක කරන බවද පොලිසිය පැවසීය.

No comments:

Post a Comment