Thursday 15 November 2012

පෙරටුගාමී මන්ත්‍රී අජිත් කුමාර 'පොන්න' වෙයි: විපක්ෂයෙන් ඉවත් වී පබාලාගේ පාරේ බාගෙට යයි-----

ජවිපෙ කඩා දමා පෙරටුගාමීන් ලෙස පෙනී සිටිමින් මරාණ්ඩුවට වඩා ජවිපෙට පහර දෙමින් සිටින කණ්ඩායම සමග එක් වී සිට ින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අජිත් කුමාර අද විපක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වන බව අද කතානායක වරයාට දැනුම් දුන්නේ ය. ඊට හේතු ලෙස ඔහු කියා සිටියේ අයවැය විවාදයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තමාට කතා කිරීමට අවස්ථාව ලබා නොදීමයි. පාර්ලිමෙනේතුවේ පක්ෂ තම මතවාදයට එරෙහිව බයිලා දෙඩවීමට තම පක්ෂ කාලයෙන් ඉඩකඩ ලබාදෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණියේ නම් තමාට ඡන්දය දුන් ජනතාවගේ මතයට එරෙහිව වෙනත් මත දැරීම සදාචාරාත්මකද නැත. එය සදාචාරාත්මක නම් අලියාගෙන් ඡන්දය ඉල්ලා දෑත් ශක්තිමත් කිරීමට මරාණ්ඩුවට පැන්න හැල ගෙම්බන්ගේ ක්‍රියාවද සාධාරණ විය යුතුය. පක්ෂයකින් ඡන්දය ඉල්ලා මන්ත්‍රීධූරයක් ලබා ගැනීමෙන් පසු වෙනත් මතයක් කරා මන්ත්‍රීවරයෙක් තම ස්ථාවරය වෙනස් කරන්නේ නම් ඔහු කළ යුත්තේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී තම නව ස්ථාවරය ජනතාවට කියා ඊට ජනතාවගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණීමයි. මන්දයත් දැනට භාවිතා කරන මැතිවරණ ක්‍රියාදාමයේදී මන්ත්‍රීවරුන් පත්වන්නේ පක්ෂයට ඡන්දය ලබා දීමෙන් පසුව ලබා දෙන පුද්ගල මනාප නිසාය. එනම් මූලික වන්නේ ජනතාව ඡන්දය ලබා දෙන පක්ෂයයි. එනිසා ඡන්දය ලබා පැමිණ පැති මාරු කිරීම පූර්ණ වශයෙන් ජනතා පරමාධිපත්‍යය විකෘති කිරීමකි. මෙයින් ගැලවීම සඳහා කපටි අවස්ථාවාදීහු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය නමැති කඩතුරාවට වසන් වෙති. වඩා වැදගත් වන්නේ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂිය නොව ඔහුට ඡන්දය දුන් ජනතාවගේ හෘද සාක්ෂියයි. අජිත් කුමාර තමාට වෙනම පක්ෂ නායකයෙකු ලෙස සලකන්නන යැයි කතානායකවරයාගෙන් ඉල්ලා ඇත. නමුත් එය වංචනික කතාවක් පමණි. මන්ද යත් එසේ සැලකීමට එවැනි පක්ෂයකින් ඡන්දය ලබා තිබිය යුතුය. නැතහොත් ඔවුන් ඡන්දය ලබා ගත් සන්ධානයේ එවැනි පක්ෂයක් තිබිය යුතුය. එවැන්නක් නොමැති නිසා අජිත් කුමාර මින් පසු කතා කිරීමට කාලය ලබා ගන්නේ නම් ඒ ආණ්ඩුවෙන් ලබා දෙන කාලය භාවිතා කිරීමෙනි. ආණ්ඩුවෙන් කාලය අරන් ආණ්ඩුවට ගැහීමේ අපූරුව මතුවට බලා ගත හැක. දැනටමත් පෙරටුගාමීන්ට දෝෂාභියෝගයට විරුද්ධ වනවාට වඩා වැදගත් වී ඇත්තේ කූණ්ඩන්කුලම් බලාගාරයට විරුද්ධ වීමයි. මරා දැමූ අන්තරේ සිසුන් දෙදෙනා ගැන කතා කරනවාට වඩා වැදගත් වී තිඛෙන්නේ අතුරුදහන් යැයි ජනතාවට කියන ගමන් ඔවුන් හමුදාව භාරයේ ජීවතුන් අතර සිටිනවා ස්ථීර යැයි යළිත් කියමින් ලලිත් කූගන් දෙදෙනා ගැන කතා කිරීමයි. පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉන්නවා කියා ස්ථානයක් නැත. එක්කෝ ආණ්ඩුවේ සිටිය යුතුය නැතිනම් විපක්ෂයේ සිටිය යුතුය. අතරමැද ආසන නැති අතර යමෙක් අතරමැද ඉන්නවා යැයි කියන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම මරාණ්ඩුවට කඩේ යන්නෙකි. සත්‍ය සහ අසත්‍ය අතර අතරමැදක් නැතිවා සේම මරාණ්ඩුව සහ ඊට විරුද්ධ වීම අතර අතරමැද ස්ථානයක් නැත. යමෙක් අතර මැද ස්වාධීන තැනක් තිබේයයි කියන්නේ නම් ඔහු කම්බ හොරෙකි. කපටියෙකි. අවස්ථාවාදියෙකි. වෙස්වලා ගත් මරාවාදියෙකි.

2 comments:

  1. මෙච්චර හෑලි ලියන්න ඔනේ නැනේ හුත්තිගෙ පුතො අනුර කුමාර කියන වේසිගේ පුතා අජිත්ට විනඩි 20 ක් කතාකරන්න දුන්න නම්. අයි ජවිපෙ ඔච්චරටම පෙර‍ටුගාමීන්ට බය. පොන්න කම තියෙන්නෙ අනුර කුමාරල ලඟ. කොන්දන් ඇතිව දේශපාලනය කරන්න බැරි තරමට බන්කොලොත් වෙලා. තමන්ගේ පැවැත්ම හදා ගන්න යු එන් පියත එක්ක එකතුවෙලා කුමන්ත්‍රනකරණ තරමට බන් කොලොත්වෙලා. එකයි ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. යන එනමන් නැතිව හිටපු අනුර කුමරලා ෆොන්සෙකගේ පක්ෂයෙන් පාර්ලිමෙන්තු අවිල්ල දැන් ෆොන්සේකට අරින එක කොහොමද විග්‍රහ කරන්නේ. එකත් ලියපන්කෝ ඔය තියරියෙන්ම.

      Delete