මැදවච්චිය ලිඳවැව ප්‍රදේශයේ නිවසක් තුලදි දරුවෙකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබේ.
මෙලෙස 16 හැවිරිදි ළමයෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ය.
ඔහු සිය නිවසේ කාමරය තුළ එසේ මියගොස් සිටි බවත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළිවී නොමැති බවත් පොලිසිය පැවසීය.
ළමයාගේ මව දැනට විදේශ ගතව සිටින අතර පියා යුද හමුදාවේ සේවයකර අතරුදන්ව ඇති බැවින් සිය මිත්තනිය සමග සිටියදි එම තත්ත්වයට මුහුණදි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
No comments:
Post a Comment