Thursday 22 November 2012

බම්බලපිටියේ දී අයෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මෝටර් රථයක් තුළ දී නැව් සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක් ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළද සංකිර්ණයක සාප්පු හිමිකරුවෙකු බව ය. එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා සමඟ ඇති වු පෞද්ගලික ආරවුලකින් පසුව මෙම ඝාතනය සිදුව ඇති බව පරික්ෂණ වලින් හෙළිවි තිබේ . පසුගිය දා ගෙලේ කැපුම් තුවාල සහිතව එලෙස ඝාතනයට ලක්ව තිබුණේ කිරුලපන පොල්හේන්ගොඩ පාරේ පදිංචි, විජිත් ද කොස්තා නැමති අයෙකි.

No comments:

Post a Comment