Saturday, 17 November 2012
පාර්ලිමේන්තුවේ කෑමවලත් ආසනික්? කඩිනම් පරීක්ෂණ අරඹයි
පාර්ලිමේන්තුවේ පිසූ ආහාරවල ආසනික අඩංගු වී දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
අද (17) පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා දැනුම් දී සිටියේ ඊයේ (16) පිසූ ආහාර වර්ග කිහිපයක් භාවිතයෙන් ඉවත් කළ බවයි.
ඒවායේ ආසනික් අඩංගු දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මේ අතර 2013 වසර සඳහා වන අය වැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.
විවාදය මේවන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.
අය වැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද සවස සිදුකිරීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment