Sunday 4 November 2012

පහර දීම් වලින් දෙදෙනෙකු මරුට

ජාඇල ප්‍රදේශයේ බේකරියක් තුළදි පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. පොලිසිය සදහන් කළේ අදාල පුද්ගලයාට පොල්ලකින් පහරදී ඇති අතර මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව ය. සැකකරු පලාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය. මේ අතර පන්නල කැනිල්ලපිටිය ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පසු රෝහල් ගතව සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියේ සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

No comments:

Post a Comment