Thursday 15 November 2012

රෝහලෙන් මහ පාරට..!

පාලකයින් විසින් දිගින් දිගටම සිය ඉල්ලීම් ලබානොදීම හේතුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද (15) කොළඹදී පැවැත්විණි. ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කෙරුණු පා ගමන සෞඛ්‍ය අමාත්‍යංශය අභියසට ගමන් කළ අවස්ථාව මෙහි දැක්වෙයි. හෙද සේවාවේ අතිකාල දීමනා වැඩි නොකිරීම,හෙද සේවාවේ අනතුරු දීමනා හා ඉන්වෙන්ට්‍රි දීමනා වැඩි නොකිරීම,දින 05 සතියේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම,නව බඳවා ගැනීම් පළාත් සභාවලට පවරමින් ඔක්තෝම්බර් 05 වන දින නිකුත් කළ අංක 1779 දරණ ගැසට් පත්‍රය අවලංගු නොකිරීම,පැරණි ව්‍යවස්ථාව අනුව ශ්‍රේණිගත උසස්වීම් ලබා නොදීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් අද දිනයේ සංකේත වැඩවර්ජනයක්ද දියත් කර ඇති වග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

No comments:

Post a Comment